jump to navigation

අප කුමක් කරමුද? September 7, 2012

Posted by පන්හිඳ in Uncategorized.
Tags:
trackback

මම බොහෝ කලක් සිංහල බ්ලොග් පාඨකයෙක් වී සිටියෙමු. බ්ලොග් එකක් ලිවීමේ ආශාව පහල වූයේ බ්ලොග් කියවීමට ගත් මුල් කාලයෙදීමය. එහෙත් නොයෙක් නොයෙක් හේතුන් ,ඒ හේතුන් සමහර විට ගණන් ගත් යුතු තරම් නොවෙන ඒවා වුවද , එම අදහස දිනෙන් දින නොදැනීම අවුරුදු ගණනක් පස්සට ගියේය.

එම කාලය තුල අප බොහෝ ආශාවෙන් කියවූ  ටැබූ සබ්ජෙක්ට්ස්, බියොන්ඩ් ෆ්‍රේම් , ඇටමැස්සා වැනි බ්ලොග් ගණනාවක්ම හෙලි නොවූ හේතුන් මත වැසී යනුද අප දු‍ටුවෙමු. ඒ අතරම අප ප්‍රිය කරන තවත් බ්ලොග් කීපයක්ම සාර්ථකව ඉදිරියට ඇදෙමින් තිබේ .කතන්දරකාරයාගේ බ්ලොගය, w3lanka  , මාතලන් ඒ  අතර ප්‍රමුඛය.

සිංහල බ්ලොග් රචනා නවමානයකට ‍රැගෙන යන සමනල විප්ලවය වැනි අලුත් බ්ලොග්ද  අවකාශයට එක් වෙමින් තිබේ.

අපගේ බ්ලොග් ලිවිල්ල දැන්වත් පටන ගත යුතුයැයි සිතුනේ මේ හේතු සියල්ලේ එකතුව නිසාය.

අප ලියන්නේ මොනවාදයි යන්න ගැනද කිව යුතුය.

අපේ රට දැන්  තිබෙන තත්වයට  අප කිසිසේත් ප්‍රිය නැත.එය ,එය ගමන් කරමින් සිටින්නේ මහා ආගාදයක් දෙසට බව අපට හැඟේ.

අප   එම විනාශයෙන් රට ගලවා ගැනීමට පහල වූ දියසේන කුමාරයා නම් නොවෙමු.

අප ලියන්නේ  මේ සමාජය , ලෝකය හා ලංකාව ,  අපට දැනෙන හැ‍ඟෙන හැටිය.

එය අපේ පුද්ගලික මතය වන අතර යමෙකු එය කියවා , අපට විරුද්ධව හෝ මේ සිදුවෙමින් තිබෙන දෙය ගැන සිතීමට පටන් ගන්නේ නම් අප සාර්ථක වූවා වේ.

මක් නිසාද යත් ලාංකීකයන් බොහෝ දෙනෙකුන් මේ වන විට සිතීම නවතා දමා ඇති බැවිනි.

 

Comments»

1. kathandarakaraya - September 7, 2012

මගේ සුබ පැතුම්!

නිදහස් අදහස් මේ බ්ලොග් අවකාශයට අවශ්‍යයි. මං ලියන ඒවා නං සමහර අයට තේරෙන්නේ නෑ. එ වාගේ බාධක ආවත් ගණං ගන්න එපා!

ඔබේ මුල් වාක්‍යයෙන්ම (“මම බොහෝ කලක් සිංහල බ්ලොග් පාඨකයෙක් වී සිටියෙමු. “) සියළු ඇස් වහ කටවහ දෝෂ නැතිවෙනු ඇත.

පන්හිඳ - September 7, 2012

thank you

2. පුංචි පහේ මං - September 7, 2012

“මම පාඨකයෙක්ව සිටියෙමු”

අනේ බොල , පල ගිහින් පහේ පංතියේ ඉගෙන ගෙන වර

3. dayal bathee - September 17, 2012

ශුභ පැතුම්!

4. මාලන් - September 17, 2012

සුබ පැතුම්..!

පන්හිඳ - September 19, 2012

thank you malan


Leave a reply to පුංචි පහේ මං Cancel reply