jump to navigation

ඩලස් ගේ කෙලින් කතාව September 9, 2012

Posted by පන්හිඳ in Uncategorized.
Tags: , , , ,
trackback

ඩලස් ඇමතිතුමා කෙලින් මිනිහා බව අපි මුල ඉඳලා දැනගෙන හිටියෙමු. එතුමා කට කෑවත් කියන්ට තියෙන දේ කියන බඩුවක්ය. දකුණේ ඈයෝ එහෙමය. එක එක ප්‍රශ්න නිසා මෙච්චර කල් සද්ද වහලා හිටියත් කියන්ට ඕනේ දේ ඕනෑ තැනදී බය නැතුව කියලා දැම්මේ ඒ නිසාය.

ඇමති වුනාට පස්සේ කාලයක් තිස්සෙන්  සද්ද නැතිව හිටියත් උන්නැහේ ඇතුලේ අර ඒ කාලේ ලක්දිව පත්තරේ හිටි මාධ්‍යවේදියා තාමත් ඉන්නවා කියලා පෙන්නුවා මේ ලඟදී කියපු කතාවකින්.

කපටියා අන්තිමට හැංගෙන්නේ ආගම පිටිපස්සේ ” කියලා උන්නැහේ පහුගියදා  මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වේ මේ දවස් වල හි‍ටු කියලා  පෙන්වන කපිල වස්තු ධාතු ගැන කතාකරමින්.  .

බලන්න කොච්චර ඇත්ත කතාවක්ද කියලා.

වතුර නැතිව  රජරට ගොවියෝ නන්නත්තාර වෙලා, දවසට පැය ගනන් විදුලිය කපනවා , කෝටි දහස් ගානක් වියදම් කරපු නොරොච්චේලේ බලාගාරේ කැඩිලා, විශ්වවිද්‍යාල වහලා, ආචාර්යවරු මහ පාරේ සටන් කරනවා, උසස්පෙල ඉඳලා 5 ශිෂ්‍යත්වයට යනකම් විභාග අවුල්.

මේ මගුල් අස්සේ චන්ද දිනන්න පුලුවන්ද? බෑනේ.

ධාතුන්වහන්සේ ගෙනාවේ ඒවා පෙන්නලා චන්දේ කොරන්න කියලා විපක්ෂේ කියන කොට අපේ ඩලස් ඇමති තුමාත් ඒකම කියනවා.

එතුමා කොච්චර හොඳද නේද?

Advertisements

Comments»

1. අනාථ කතා « පන්හිඳ-lankapen - September 15, 2012

[…] […]

2. dayal bathee - September 17, 2012

පොඩිත්තක් හෝ ලජ්ජාවක් තියෙන මනුස්සයෙක්.

පන්හිඳ - September 19, 2012

නැහැ දයල්, මූටත් පොඩ්ඩක්වත් ලැජ්ජාවක් නැහැ.

මම මෙහෙම ලිව්වේ මූව උපහාසයට ලක් කරන්න.

මූඔය කතාව කිව්වේ දාතු ගෙනාපු එක විවේචනය කරප් විපක්ෂයේ අයට ගහන්න, දාතු ගෙන්වීම ආරක්ෂා කරන ගමන්.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: