jump to navigation

කුම්බලාවො කෑවානම් දුක විඳපන් බළලෝ September 22, 2012

Posted by පන්හිඳ in Uncategorized.
trackback

පසු ගිය පලාත් සභා චන්දයේදී පස්ස උඩ දාගෙන ගොස් ඊනියා ජනතා , දේශප්‍රේමී ,අධිරාජ්‍ය විරෝධී   ආණ්ඩුවට චන්දය  දුන් අපේ රටේ දේශප්‍රේමි ජනතාවට ඔවුන්ගේ ආණ්ඩුව තෑගි පිට තෑගි එවමින් තිබේ.

චන්දය අවසන් වූ වහාම අර්තාපල් අල හා ටින් මාලු මිල වැඩි කලේ දේශීය ගොවියා හා ධීවරයා ආරක්ෂා කර ගැනීමට කියමින්ය.ටින් මාලු මිල වැඩි කිරීමෙන් ලංකාවේ ධීවර කර්මාන්තය දියුණු වෙන්නේ කෙසේදැයි ඔවුන් අපට කියන්නේ නැත.

දැන් ශ්‍රී ලංකාවේ ජනයාගේ දේශප්‍රේමි කමට ලැබී ඇති අලුත්ම තෑග්ග ජල බිල්පතයි. සීයට දෙසීයකින් පමණ ජල බිල්පත ඉහල දැම්මේ මොකා ආරක්ෂා කරන්නදැයි කියන්නට තවම එකෙක් වත් එලියට ආවේ නැත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දේශප්‍රේමි ලෙස උම්බෑ කියන  ජනයාට කීමට දෙයක් අපට ඇත.

කුම්බලාවො කෑවානම් දුක විඳපන් බළලෝ”

මක් නිසාද යත් මෙවැනි තෑගි ඉදිරි කාලයේ පෝලිමට එනු ඇති බැවිනි.

Advertisements

Comments»

1. Raigama - September 24, 2012

හලෝ පෑන, ඔබගේ කොමෙන්ටුව නිසා මට ඔබ හමු උනේ. මා සිංහල බ්ලොගයන්ගෙන් බලන්නේ අතලොස්සයි. වෙන දෙයක් නිසා නොවේ, කියවන්න නොහිතෙන ඒවායි ගොඩක් තියෙන්නේ. මා ලියන ඒවාත් අනික් අයගෙන් බහුතරයකට කියවන්න හිතෙන ඒවා නොවේ. නමුත් මා ලංකාවේ දේශපාලනය නම් ලියන්නේ, ලිබියාව ගැන ලියනවාට වඩා වැඩියෙන් නොවේ. මොකද ලංකාවේ ජීවත් නොවන නිසා. අද දුර්ලභ කරුණක් තමා යමක් “ජරා වචන” පාවිච්චියකින් කියන්න පුළුවන් පිරිස් හිඟ වීම. ඔබ ඒ සුළුතර පිරිසට අයත් වන බව බැලු බැල්මට පේනවා. පවතින තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බොහෝ දෙනා, එම නරා වලටම බැහැලා තමයි ඒ වෙනස ඉල්ලන්නේ. ඔබට ජය!

2. පෑන - September 26, 2012

ඔබගේ කොමෙන්‍ටුවට ස්තූතියි. මා පාවිච්චි කර් ඇත්තේ ජරා වචන යැයි ඔබ සිතනවා නම් ඒ ගැන සීරියස් ලෙස සිතීමට මා සූදානම්. හැකි තාක් දුරට එවැනි වචන භාවිතයෙන් වැලකී සිටීමට මා උත්සහ කරනවා. ඒත් මේ ජරා ක්‍රමය විසින් අපව තල්ලු කරන්නේ එතැනට මද?

Raigama - September 26, 2012

නැහැ, ඔබ මාව වැරදියට තේරුම් අරගෙන. ඔබ එහෙම වචන පාවිච්චි නොකර ලියන අයෙක් කියලයි මා කියුවේ. ජය පැතුවේ සෝපහාසයෙන් නොවේ, ඇත්තටම!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: