jump to navigation

නාට්ටිය කෑලි-අංක 1 . විස්සවිජ්ජාල ආචාර්යවරුන්ට විරුද්දව ලෙමන් පෆ් සටන අරඹයි September 27, 2012

Posted by පන්හිඳ in Uncategorized.
1 comment so far

 

– ඒයි විමලේ මෙහෙ වරෙන් 

– ඇ..ඇයි සර්

-මෙහෙ වර මෙහෙ වර.‍තෝ කොහෙද මෙච්චර දවසක් හැංගිලා හිටියේ.

– කොහෙවත් නැහැ සර්ර

-නැත්නම් ඇයි උඹ මෙච්චර දවසක් අර විස්ස් විජ්ජාල කාරයන්ගේ හුට පටේ ගැන වචනයකත් කිව්වේ නැත්තේ?

– කිව්වා සර්ර

– පල ඩෝ බොරු කියන්නේ නැතිව, කිව්වා ලබ්බ

-නෑ සර්ර්, මම අපේ තට්ට විජයා, ගූ දාස සරමසේකර ලොක්කා වගේ ඈයෝ ලව්වා කියෙව්වා

-හුක්, කියෙව්වා,ඇයි උඹට ඉස්සරහට ඇවිත් කියන්න බයද?

– බය නෑ සර්ර, ඒ වුනාට මම අර ජෙප්පෝ එක්ක ඉන්න කාලේ කෑගැහුවේ අද ඔය විස්ස විජ්ජාල කාරයෝ කියන කතා කියලානේ.. ඉතින් නිකම් ලජ්ජයි ලජ්ජයි වගේ..හ්හික්,හික්

– අනේ පල යන්න ,තොගේ ලජ්ජාව, ‍තෝ මෙච්චර දවසක් කරේම ලජ්ජාව තියෙන වැඩනේ.

-හික් හික් සර්රුත් කියන කතා

– දැන් මෙතැන හිකි හිකි ගාන්නේ නැතිව පලයන් ගිහින් අදම ඔය විස්ස විජ්ජාල කාරයින්ට විරුද්දව කතා කරපන්…

-හරි සර්ර් මේ යනවා

– ඒයි ඔහොම හිටපන් කලුවා මාරපන් ගියා වගේ යන්නේ නැතිව..

– ඇයි සර්ර්

-ඇත්ත කියපන්,  උඹ හැංගිලා හිටියේ අර තිරිකුනාමලේ පිස්සු හුටන්ට ඇමති කමක් දුන්නේ නෑ කියලා නේද,

-අනේ නෑ සර් ඔය එක එකාට ඇමතිකම් අරන් දෙන්න මට පිස්සුයැ? මම මේ මගේ එක ආරක්ෂා කර ගෙන ෂේප් එකේ ඉන්න හදන්නේ,,, හික්.හික්
-හ්ම්ම් , පලයන් දැන් ගොහින් ටීවී එකේ , රේඩියෝ එකේ ‍රැස්වීම් වල අර විස්ස විජ්ජාල කාරයන්ව  පතුරු ගහපන්..\\
-රයිට් සර්ර්, මේ ගියා
-ආදරණීය අම්මේ ,තාත්තේ , සහෝදරයා සහෝදරිය, අද මේ දේශප්‍රේමි ආණ්ඩුවට විරුද්දව මහා කුමන්ත්‍රණයක් විදේශ බලවේග , ඩයස්පෝරාවත් එක්ක එකතු වෙලා ආරම්බ කරලා තියෙනවා…මුන් මේ නිදහස් ආද්දියාපනය , සීයට හය කිය කියා එන්නේ ඒ කුමන්ත්‍රනේ ප්‍රතිපලයක් විදියට, අපි ඒක හොඳින්ම දැන ගන්න ඕනේ අම්මේ තාත්තේ, මේ දේශරේමි ආන්ඩුවට එරෙහිව තියෙන බලවේග අපි හඳුනා ගන්න ඕනේ. පිරපාහරන් පරද්දපු එක ගැන අපේ රටත් එක්ක මාරන්තික වෛරයකින් ඉන්න , ඇමෙර්කාව, නෝර්වේ, එංගලන්තේ ,ජර්මනිය, ජපානේ, චීනේ.. සොරි සොරි චීනේ නෑ හොඳේ , චීනෙ හරි හොඳායි .. මුං ඔක්කොම එකතුවෙලා .. මේ ආචාර්ය සංගම් කාරයෝ පස්සේ අද ඉන්නේ ඔය විදේශ බලවේග, එන් ජී ඕ ඒජන්තයෝ, යූඑස් ඒ කාරයෝඅ, කේජීබී කාරයෝ,, ආයෙත් සොරි හොඳේ ,කේජීබී නැහැ හොඳේ.. මේ සකල අදිරාජ්‍යවාදි බලවේග, බලල් අත්, කුකුල් කකුල්, හරක් පීකුදු, හෝව්,…බලල් අත්, අම්මපා ඔව්ව්ව්

Advertisements

කුම්බලාවො කෑවානම් දුක විඳපන් බළලෝ September 22, 2012

Posted by පන්හිඳ in Uncategorized.
3 comments

පසු ගිය පලාත් සභා චන්දයේදී පස්ස උඩ දාගෙන ගොස් ඊනියා ජනතා , දේශප්‍රේමී ,අධිරාජ්‍ය විරෝධී   ආණ්ඩුවට චන්දය  දුන් අපේ රටේ දේශප්‍රේමි ජනතාවට ඔවුන්ගේ ආණ්ඩුව තෑගි පිට තෑගි එවමින් තිබේ.

චන්දය අවසන් වූ වහාම අර්තාපල් අල හා ටින් මාලු මිල වැඩි කලේ දේශීය ගොවියා හා ධීවරයා ආරක්ෂා කර ගැනීමට කියමින්ය.ටින් මාලු මිල වැඩි කිරීමෙන් ලංකාවේ ධීවර කර්මාන්තය දියුණු වෙන්නේ කෙසේදැයි ඔවුන් අපට කියන්නේ නැත.

දැන් ශ්‍රී ලංකාවේ ජනයාගේ දේශප්‍රේමි කමට ලැබී ඇති අලුත්ම තෑග්ග ජල බිල්පතයි. සීයට දෙසීයකින් පමණ ජල බිල්පත ඉහල දැම්මේ මොකා ආරක්ෂා කරන්නදැයි කියන්නට තවම එකෙක් වත් එලියට ආවේ නැත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දේශප්‍රේමි ලෙස උම්බෑ කියන  ජනයාට කීමට දෙයක් අපට ඇත.

කුම්බලාවො කෑවානම් දුක විඳපන් බළලෝ”

මක් නිසාද යත් මෙවැනි තෑගි ඉදිරි කාලයේ පෝලිමට එනු ඇති බැවිනි.

මූව නම් අනිවා මරන්න ඕන-Kill’em All September 21, 2012

Posted by පන්හිඳ in Uncategorized.
Tags: , , ,
add a comment

අන්තරේ කැඳවුම් කරු  සංජීව බණ්ඩාර පසුගියදා පොලිස් අත් අඩංගුවට පත් විය. ඔහුගේ දේශපාලනය හා අප එකඟද නො එකඟද යන්න වෙනම ප්‍රශනයකි. එහෙත් ඔහුට තමන් හා තම ප්‍රජාව වෙනුවෙන් හඬ නැගීමට ඇති අයිතිය ගැන කිසිවෙකුටත් ප්‍රශ්නයක් තිබිය නොහැක.

පහතින් දැක්වෙන්නේ සංජීව බංඩාර අත් අඩංගුවට පත් පුවත විමල් වීරවංශ ඇමති වරයා විසින් පවත්වාගෙන යනු ලබන සීනිව්ස් වෙබ් අඩවියේ පල වූ විට එයට ලැබී තිබූ ප්‍රතිචාර වලින් සමහරකි. මෙම වෙබ් අඩවියේ ප්‍රතිචාර වලින් බහුතරයක් ලියන්නේ එම අඩවිය කරන උන් විසින්ම බව ප්‍රසිද්ධ රහසකි. විශේෂයෙන්ම ඔවුන්ගේ මතයට එරෙහි කොමෙන්‍ටු පල නොකරන තරම්ය. පල කලත් එක හෝ දෙකක් , පල නොකරම බැරි විටය.

ඒ අනුව මෙම කොමෙන්‍ටු වීරවංශලා ගේ නිල මත සේ සැලකිය හැක. ජවිපේ සිටිද්දී හා එයටත් ප්‍රථම ලක්බිම, හිරු වැනි පුවත් පත් වල සිටිද්දී අකුර වැනි කොලම් වලින් සිසු ප්‍රශ්න ගැන ලියූ වීරවංශලා අද අධ්‍යාපනය හා සිසු අයිතීන් ගැන දරන මතය මෙයින් මනාව පිළිබිඹු වේ.
1.පලයන් බන් යන්න…කැම්පස් ගියා නම් ඉගෙන ගනින්…රටේ මිනිස්සුගෙ සල්ලි නාස්ති කරන්නෙ නැතුව…අනික හවසට වැඩ ඇරිල මහන්සි වෙලා එන මිනුස්සුන්ව ගෙදර යන්න දෙන්නෙ නැතුව පාරෙ රස්තියාදු කරන එවුන්ව හුරතල් කරන්නද කියන්නෙ

2.එස් බි නෙමේ මූව මරන්න කියලා කියන්නේ මේ රටේ විශ්වවිද්‍යාල වලට ඇතුලත් වුන ළමයින්ගේ දෙමාපියෝ .මේ කාලකන්නි අලුගොසුවන්ව මොනවහරි කරලා විනාශ කරලා දුන්නොත් එස් බි ට ආත්ම ගානක් පින් සිද්ද වෙනවා.

3.මූව නම් අනිවා මරන්න ඕන

4.එවන්ඩ නම් එපා ඕකාව.

5.මුන් ට හොද වැ‍‍ඩේ.සිසුන් සස්පෙන්ඩ් වෙනකොට ආචර්ය වරු එස්.බීට ක‍ඩෙ ගියා,දැන් මුන් ඒ ආචර්වරු ට ක‍ඩෙයනකොට ආංඩුව මුන් ව හිරේ දානවා,ඔය ගොන් හරකව එලියට දාන්න නරකයි

6.උබලා මැරි මැරී ,,උපදින නිසා තමා මේ රට තවම 3 වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ,,අනේ පිංසිදුවෙයි තොපි මැරිලා ,,පලයව්කෝ වෙන කොහේහරි අපිවම කන්න මේකටම එන්නේ,,නැතුව

7.ප්‍රේමදාස මහත්තය හිටියනම් මූව ටයර් එකකට දාල මෙලහකටත් ගිණි තියල. කෝ මුන්ව ඉවර කරල දාන්නවත් මේ මහින්දට කොන්දක් නෑනෙ

8.කාලකන්නි තමා නිදහස් අද්‍යාපනය කන්නේ කෝ මේකත් එක්ක ඉන්න අනිකා උදුල් පේමරත්න,,හොද වෙලාවට ආර් ,ප්‍රේමදාස මහතා නැත්තේ නැත්නම් පරන ටයර් එකෙන් ගේම සෙට්

මිල මුදල් ,තනතුරු හමුවේ මිනිසුන් කොතරම් ඉක්මණට ජරාජීර්ණ වෙන්නේද යන්නට මීටත් වඩා උදාහරණ අවශ්‍යද?

 

පිං මද පුතුන්- A Tale of Two Sons September 19, 2012

Posted by පන්හිඳ in Uncategorized.
Tags: , , , , , ,
add a comment

අයුතු ජන රාශිය , පොලෝසියට පහර දීම ඇතුලු චෝදනා කිහිපයක් කරමින් අන්තර් විශ්ව විද්‍යාල  ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු සිරි ලංකා පොලෝසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ සිරි ලංකා පොලොස්සිය යනු එසේ මෙසේ පොලෝසියක් නොව , හමුදා නිලධාරියෙකුට පහර දුන්නා යැයි චෝදනා ලැබ සිටි( අතීත කාලයෙන් ලියා ඇති බව සලකන්න) ඩොක්ටර් ගැමුණු  ඇමතිගේ අතිජාත පුත්‍රයා දකින විට බිත්තර ක‍ටු අස්සේ සැඟවී අපි නම් මාලක දැක්කේ නැහැ, යනාදි වශයෙන් කියූ පොලෝසීයමය.

ඇමති පුතුන්ට එහෙමය. සංජීවලාට මෙහෙමය.

මෙහි තවත් කතාවක් තිබේ . මාස දෙකක් තිස්සේ ඇදි ඇදි යන සරසවි ආචාර්ය සටනට මුල සිට සහය දුන් අන්තරයේ කැඳවුම් කරු සංජීව බංඩාර මේ අවස්ථාවේ අත් අඩංගුවට ගැනීම යනු ආචාර්ය සංගමයට පෙන් වූ රතු එලියක් විය හැකිය. ආචාර්ය සටන මර්ධනයෙන් පරාජය කිරීමට ගත් පලමු පියවර මෙය විය හැක.

එම නිසා  මේ ඒකාධිපති  රෙජිමය හමුවේ තවමත් දණ නොනමා ගෙන යන මේ සටනට සහය දීම අප  යුගයේ සියලු  ප්‍රගතිශීලින්ගේ කාර්ය භාරය විය යුතුය.

 එය තේරුම් ගෙන අප ඒ වෙනුවෙන් කොන්දේසි  විරහිතව පෙනී සිටීමට තීරණය කර ඇත්තෙමු.

එසේම අප තේරුම් ගෙන ඇති තවත් දෙයක් නම් මේ ප්‍රශ්නය එස්. බී ඇමතිගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවන බවත්, එස්.බී ඉවත් කර වෙන කෙනෙක් එම තනතුරට පත් කිරීමෙන් අද අප රටේ නිදහස් අධ්‍යාපනය මුහුණ පා ඇති අනතුර ඉවත් නොවන බවත්ය.

එස්.බී යනු තමන්ට ලැබී ඇති නියෝග පිලිපදින මොලේ නැති සෙබලෙක්  පමණි. ප්‍රශ්නය ඇත්තේ එස්.බීගේ දඩබ්බර කම නොවන බවත් , මේ රටේ නිදහස් අධ්‍යාපනය ඈවර කිරීමට පාලකයින්ට අවශ්‍ය වීම බවත් අප නිවැ‍රැදිව තේරුම් ගත යුතුය.

සටන කල යුත්තේ එම අරමුණට එරෙහිවය.

 

පිං ඇති සරසවි වරමක් දෙන්නේ- A Word to FUTA September 17, 2012

Posted by පන්හිඳ in Uncategorized.
Tags: , , ,
add a comment

සරසවි ඇදුරු අරගලය දෙවැනි මාසයද ඉක්මවා ඇදී යමින් තිබේ. රජය තම මුලු ශක්තිය යොදමින් එම සටන කුඩු පට්ටම් කිරීමට උත්සාහ කරමින් සිටී. සියලු සරසවි වැසී  ඇති අතර සිසුන් නන්නත්තාර වී ගොසිනි.

රූපවාහිනි අයි.ටී.එන්  පමණක් නොව ස්වර්ණවාහිනි, දෙරණ වැනි නාලිකාද , සිළුමිණ,දිනමිණ හා රන්දිව පමණක් නොව මාසයකට වරක් ලැබෙන කුරහන් පිට්‍ටු කැබැල්ලක් වෙනුවෙන් ,දිවයින,ලංකාදීප හා රිවිරත්, උපතේ පටන්ම කඩේ යාම ජීවන වෘත්තිය කර ගත් මවුබිමද රජය හා එක්ව සරසවි ගුරුන්ට පහර දෙමින් සිටිත්. නො එසේ නම් රජය උපදෙස් දී ඇති පරිදි අරගලය ගැන වචනයක්වත් නොලියා සිටිති.

ඔවුන් පල කරන්නේ ආණ්ඩුවෙන් කියන දෑ පමණි.  වතාවක්ද කට නිසා මට්‍ටු වූ උසස් අධ්‍යාපනය බාර ඇමැත්තා තම චාරයක් නැති මුවෙන් කුනු හරුප දෙසා බාමින් වර්ජිත ගුරුන්ට අපහාස කරමින්ද  තර්ජනය කරමින්ද සිටින අතර මාධ්‍ය කරුවෝද එම කුණුහරුප රස කරමින් ලියති, කියවති.

ඇමත්තන් පම්ණක් නොව ඇදුරන් අතරම සිටින බත් බැලයන්ද ඇදුරු වර්ජනයට සටනට එරෙහිව අවි ඔසවා ඇත. ඔවුන්ද තම ස්වාමීන් ලියා දෙන කුනුසරුප තම ඇදුරු කමටත් නිගා දෙන ලෙස , රූපවාහිනි නාලිකා තුල වපුරති.

ඔවුන් හා නලින් සිල්වා ,අමරසේකර  ප්‍රමුඛ ජාතිවාදි  නඩය කියන පරිදි මෙම අරගලය බටහිර කුමන්ත්‍රණයකි. නලින් සිල්වා, වීරවංශ කල්ලිය හා අමරසේකර  ඇතුලු  නඩයට නම් තම ස්වාමියා කියන දෙය හැරෙන්නට අනිත් සියල්ලම බටහිර විජාතික කුමන්ත්‍රණය.

ඒ අතර රටේ ජනයාද වගේ වගක් නැතිව ධාතු වන්දනා කරමින්ද , තම දරුවන්ගේ අයිතීන් සොරාකන ආණ්ඩුවටම චන්දය දෙමින්ද සුව නින්දේය. මෙම සටන ගැන රටේ පොදු ජනයා අතර කිසිම හැඟීමක් නැත.

මෙය හුදු වෲත්තීය සටනක් නොවන බවත් ජනතාවගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන්නක් බවත් සරසවි ඇදුරන් රටේ ජනයාට කියා දිය යුතුය. . දැන් සටන ඇරඹී ඇත. එය අතරමග නැවත්විය නොහැක. අතරමැද සාමදාන නැත. මෙය ජයගත යුතුය. රටේ වෘත්තීය අරගල වලට  නව මානයක් ගෙන ආ මෙම සටන පැරදීම  යනු මෙරට නිදහස් අධ්‍යාපනයේ මලගමයි.

එය වීමට ඉඩ දිය යුතු නැත. රටේ සම්පත් සියල්ල වේගයෙන් කා දමමින් සිටින රෙජිමයට අධ්‍යාපනයටද  අත තැබීමට ඉඩ නොදිය යුතුය.

එය සරසවි ඇදුරන්ට පමණක් කිරීමට නොහැක. මේ සඳහා සියලු දෙනා එක් කරගත යුතුය.අනෙකුත්  වෘත්තීය සමීති, සිසුන් හා කඩේ යන ඇම්බැට්ටයන්ගේ විවේචන ගණනකට නොගෙන දේශපාලන පක්ෂ පවා මෙයට එක් කර ගත යුතුය. කොටින්ම මෙය බහුජන අරගලයක් කර ගත යුතුය.

 එසේ නැතිව මෙම අරගලය ජය ගැනීම ඉතා දුෂ්කර වනු ඇත.

 

 

අනාථ කතා September 15, 2012

Posted by පන්හිඳ in Uncategorized.
Tags: ,
1 comment so far

Image

සාමාන්‍යයෙන්  ජනතාවගේ විශ්වාසය තියෙන්නේ දේශපාලඥයෝ බොරු කියන බවයි. එහෙත් මෑතක සිට ලංකාවේ ඇමති වරු  ඇත්ත කියන්නට පටන් ගෙන තිබේ. ඇත්ත කියා පැත්තක් ගියත් කමක් නැතයි සිතා එතුමන්ලා ඇත්ත කියති. නොබෝදා අවසන් වූ ධාතු ප්‍රදර්ශනය ගැන ඩලස් ඇමති තුමා කීවේ කපටියාගේ අන්තිමට සැඟවෙන්නේ ආගම පි‍ටුපස බවයි.

ඔහු එසේ කියා කට ගන්නටත් කලින් මේ දිනවල මහා පරිමාණයෙන් සිදුවන ඕස්ට්‍රේලියා මිනිස් ජාවාරම ගැන කෙහෙලිය ඇමති තුමා කටේ මසුරං දාන්නට වටින කතාවක් පුවත් සාකච්ඡාවකදී කීවේය.

ඔහුට අනුව ඕස්ට්‍රේලියා පනින්නට හදන්නේ දේශපාලන අනාථයින් නොව ආර්ථික අනාථයින්ය.

දේශපාලන ‍රැකවරණ පතන්නන් ඇති නැති බව වෙනම කතා කල යුතු ප්‍රශ්නයකි.

එහෙත්  ආසියාවේ ආශ්චර්ය බවට පත් කර ඇති බවට පම්පෝරි ගසන මේ සිරි ලංකාවේ ජනයා අතර රටේ ජීවත් වීමට ක්‍රමයක් නැති නිසා  ජීවිතය පරදුවට තබා ඕස්ට්‍රේලියාව බලා  පලා යන්නට තරම්  ආර්ථික අනාතයින් සිටින බව කියා දුන්නාට ඇමති තුමනි ඔබටයි මේ ස්තූතිය.

 

 

සරසවි සටන ඉවරයි September 13, 2012

Posted by පන්හිඳ in Uncategorized.
Tags: ,
4 comments

මෙදා පොටේ නම් විශ්ව  විද්‍යාල ආචාර්ය වරු වැඩේ වරද්ද ගන තිබේ.

එස්.බී ඇමතිතුමා ස්ට්‍රයික් කර සිටින විශ්ව විද්‍යාල ඇදුරන්ට අනතුරු අඟවා  තිබේ. එතුමා කියන දවසට කලින් වර්ජනය අත හැර වැඩට ආ යුතුය.

නාවොත්?

නාවොත් ආචාර්ය මහාචාර්ය කම්  ඉවරය.

නියමිත දවසට වැඩට නො එන තක්කඩි හැමෝම රස්සා වලින් එලවනවා නියතය.

ඊට පස්සේ?

ඊට පස්සේ තමා වැඩේ තියෙන්නේ.

සෞඛ්‍ය ඇමතිලා තම තමන්ගේ ආසන වලින් ගෙනත් ලංකාවේ ඉස්පිරිතාල සනීපාරක්ෂක කම්කරුවන්ගෙන් පිරෙව්වා වගේ එස්.බී ඇමති තුමා ගේ ගෝල බාලයින්, පෝස්ටර් අලවපු එවුන්, චන්ද වලට කඩේ ගිය එවුන් , හඟුරන්කෙතින් ගෙනවිත් විශ්ව විද්‍යාල වල කථිකාචාර්ය, මහාචාර්ය ,ජ්‍යෝෂ්ඨ මහාචාර්ය තනතූරු වලට දා ගන්නට හැකිය.

තවත් මදි වුනොත් නාමල් බේබිගේ නිල් බලකායේ මල්ලිලා දාගෙන වැඩේ කර ගෙන යන්නටත් පුලුවන්ය.

ඒත් බැරිම වුනොත් අනිත් තැන් වලදී කලා වගේ හමුදාවේ කට්ටිය දාලා කරන්නටහ් ඇහැකි නොව.

 

 

බර්ටිගේ පොලිටික්ස් ඉවරද? September 11, 2012

Posted by පන්හිඳ in Uncategorized.
add a comment

හුඟ දෙනෙක් හිතන්නේ එහෙමය.

ඒත් මුලු රාජාණ්ඩුවේම සපෝර්ට් එකෙන් රංජි මල්ලියා චන්ද එක් ලක්ෂ පන්දාහක් ගනිද්දී ,හුදකලාව, තමන් හිසට තම අතමය සෙවනැල්ල කියමින් , ස්ව ශක්තියෙන් චන්ද අනුපන්දාහක් ගත් බර්ටිට මහ ඇමතිකම නොදී ඉන්න පුලුවන්ද?

මේ පලාත් සභා චන්දේ ලොක්කට වැඩක් නැත. එයාට ඕනෑ ඉස්සරහට එන ජනාධිපති චන්දේට බේස් එක හදා ගන්නටය. එහෙම තියෙද්දි මහ ඇමති කම රංජි මල්ලිට දී අවුල් හදා ගන්නට ලොක්කා කැමති වෙන එකක් නැත.

ඒ නිසා කවුරු මොනවා කිව්වත් නැවත මහ ඇමති බර්ටිම  වෙන්ට ඉඩ තිබේ.

බැරි වෙලාවත් දුන්නේ නැත්නම් ……………………….. මොනව වෙයිද?

මොනවා වෙන්ටද?

ඒත් මොකුත් වෙන්නේ නැත.

ලංකාවේ පොලිටික්ස් එහෙමය.

අලුත් ජනතාවක් පත් කරගනිමු. September 10, 2012

Posted by පන්හිඳ in Uncategorized.
4 comments

පලාත් සභා චන්ද ප්‍රතිපල නිකුත් වී තිබේ. අප සහ තවත් බොහෝ අය සිතූ ලෙසම ආණ්ඩුව නැවත වතාවක් මහ ඉහලින් ජයගෙන ඇත.

විපක්ෂය යැයි නම් කර තිබෙන කණ්ඩායම් වල සිටින උන් මීට වඩා වෙනස් ප්‍රතිපලයක් බලාපොරොත්තු වූව යැයි සිතිය නොහැක.

දිවා රෑ දෙකේ ගිනිඅව්වේ , මහවැස්සේ කිලෝ මීටර් හත අටේ පෝලිම් වල වේලෙමින් ධාතු වඳින්නට ගිය ලක්ෂ ගනන් සෙනග දැක දැකත් විපක්ෂයේ උන් මේ චන්ද දිනන්නට සිතුවා නම් උන්ට පොල් පිත්තකින් තැලිය යුතුය.

ආණ්ඩුවේ මහත්වරු කියන පරිදි විපක්ෂයේ බොරු වලට ජනතාව ‍රැව‍ටුනේ නැත.

ඒ අනුව ලංකාවේ තිබෙනවා යැයි විපක්ෂ කියන සියලු ප්‍රශ්න බොරුය. ඉසැඩ් ස්කෝර් අර්බුදයක් නැත. 2011 විභාගයට ලියූ සියලු සිසුන් මේ වන විටත් සරසවි වලට ඇතුලත් කරගෙන හමාරය. සරසවි වල ඇදුරන්ගේ වැ‍ටුප් ප්‍රශ්න සියල්ල විසඳා ඇති නිසා උන් ඩබල් එකේ වැඩය. ජලය ඉතිරි කර ගැනීමට ජල විදුලි බලාගාර වසා දමා ඇත. ලංකාවට අවශ්‍ය සියලු විදුලි බලය ලබා දෙන්නේ නොරොච්චේ ගල් අඟුරු බලාගාරයෙනි. ඒකෙන් ලැබෙන විදුලිය කොපමණ ලාබ දැයි කිවහොත් ජනතාවට විදුලිය දෙන්නේ නොමිලේය.

මැතිවරණ ප්‍රතිපල අනුව ජනතාවත් සිතන්නේ එහෙමය.

කන්ට බොන්ට නැතිව මැරී ගියත් මෙබඳු දේශප්‍රේමි, ආගම්ප්‍රේමී ජනතාවක් එක්ක අලුත් ආණ්ඩුවක් පිහි‍ටුවනවා බොරුය.

අලුත් ආණ්ඩුවක් පිහි‍ටුවීමට විපක්ෂයට අවශ්‍ය නම් මුලින්ම කල යුත්තේ අලුත් ජනතාවක් පත් කර ගැනීමය.

ඩලස් ගේ කෙලින් කතාව September 9, 2012

Posted by පන්හිඳ in Uncategorized.
Tags: , , , ,
3 comments

ඩලස් ඇමතිතුමා කෙලින් මිනිහා බව අපි මුල ඉඳලා දැනගෙන හිටියෙමු. එතුමා කට කෑවත් කියන්ට තියෙන දේ කියන බඩුවක්ය. දකුණේ ඈයෝ එහෙමය. එක එක ප්‍රශ්න නිසා මෙච්චර කල් සද්ද වහලා හිටියත් කියන්ට ඕනේ දේ ඕනෑ තැනදී බය නැතුව කියලා දැම්මේ ඒ නිසාය.

ඇමති වුනාට පස්සේ කාලයක් තිස්සෙන්  සද්ද නැතිව හිටියත් උන්නැහේ ඇතුලේ අර ඒ කාලේ ලක්දිව පත්තරේ හිටි මාධ්‍යවේදියා තාමත් ඉන්නවා කියලා පෙන්නුවා මේ ලඟදී කියපු කතාවකින්.

කපටියා අන්තිමට හැංගෙන්නේ ආගම පිටිපස්සේ ” කියලා උන්නැහේ පහුගියදා  මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වේ මේ දවස් වල හි‍ටු කියලා  පෙන්වන කපිල වස්තු ධාතු ගැන කතාකරමින්.  .

බලන්න කොච්චර ඇත්ත කතාවක්ද කියලා.

වතුර නැතිව  රජරට ගොවියෝ නන්නත්තාර වෙලා, දවසට පැය ගනන් විදුලිය කපනවා , කෝටි දහස් ගානක් වියදම් කරපු නොරොච්චේලේ බලාගාරේ කැඩිලා, විශ්වවිද්‍යාල වහලා, ආචාර්යවරු මහ පාරේ සටන් කරනවා, උසස්පෙල ඉඳලා 5 ශිෂ්‍යත්වයට යනකම් විභාග අවුල්.

මේ මගුල් අස්සේ චන්ද දිනන්න පුලුවන්ද? බෑනේ.

ධාතුන්වහන්සේ ගෙනාවේ ඒවා පෙන්නලා චන්දේ කොරන්න කියලා විපක්ෂේ කියන කොට අපේ ඩලස් ඇමති තුමාත් ඒකම කියනවා.

එතුමා කොච්චර හොඳද නේද?