jump to navigation

මූව නම් අනිවා මරන්න ඕන-Kill’em All September 21, 2012

Posted by පන්හිඳ in Uncategorized.
Tags: , , ,
add a comment

අන්තරේ කැඳවුම් කරු  සංජීව බණ්ඩාර පසුගියදා පොලිස් අත් අඩංගුවට පත් විය. ඔහුගේ දේශපාලනය හා අප එකඟද නො එකඟද යන්න වෙනම ප්‍රශනයකි. එහෙත් ඔහුට තමන් හා තම ප්‍රජාව වෙනුවෙන් හඬ නැගීමට ඇති අයිතිය ගැන කිසිවෙකුටත් ප්‍රශ්නයක් තිබිය නොහැක.

පහතින් දැක්වෙන්නේ සංජීව බංඩාර අත් අඩංගුවට පත් පුවත විමල් වීරවංශ ඇමති වරයා විසින් පවත්වාගෙන යනු ලබන සීනිව්ස් වෙබ් අඩවියේ පල වූ විට එයට ලැබී තිබූ ප්‍රතිචාර වලින් සමහරකි. මෙම වෙබ් අඩවියේ ප්‍රතිචාර වලින් බහුතරයක් ලියන්නේ එම අඩවිය කරන උන් විසින්ම බව ප්‍රසිද්ධ රහසකි. විශේෂයෙන්ම ඔවුන්ගේ මතයට එරෙහි කොමෙන්‍ටු පල නොකරන තරම්ය. පල කලත් එක හෝ දෙකක් , පල නොකරම බැරි විටය.

ඒ අනුව මෙම කොමෙන්‍ටු වීරවංශලා ගේ නිල මත සේ සැලකිය හැක. ජවිපේ සිටිද්දී හා එයටත් ප්‍රථම ලක්බිම, හිරු වැනි පුවත් පත් වල සිටිද්දී අකුර වැනි කොලම් වලින් සිසු ප්‍රශ්න ගැන ලියූ වීරවංශලා අද අධ්‍යාපනය හා සිසු අයිතීන් ගැන දරන මතය මෙයින් මනාව පිළිබිඹු වේ.
1.පලයන් බන් යන්න…කැම්පස් ගියා නම් ඉගෙන ගනින්…රටේ මිනිස්සුගෙ සල්ලි නාස්ති කරන්නෙ නැතුව…අනික හවසට වැඩ ඇරිල මහන්සි වෙලා එන මිනුස්සුන්ව ගෙදර යන්න දෙන්නෙ නැතුව පාරෙ රස්තියාදු කරන එවුන්ව හුරතල් කරන්නද කියන්නෙ

2.එස් බි නෙමේ මූව මරන්න කියලා කියන්නේ මේ රටේ විශ්වවිද්‍යාල වලට ඇතුලත් වුන ළමයින්ගේ දෙමාපියෝ .මේ කාලකන්නි අලුගොසුවන්ව මොනවහරි කරලා විනාශ කරලා දුන්නොත් එස් බි ට ආත්ම ගානක් පින් සිද්ද වෙනවා.

3.මූව නම් අනිවා මරන්න ඕන

4.එවන්ඩ නම් එපා ඕකාව.

5.මුන් ට හොද වැ‍‍ඩේ.සිසුන් සස්පෙන්ඩ් වෙනකොට ආචර්ය වරු එස්.බීට ක‍ඩෙ ගියා,දැන් මුන් ඒ ආචර්වරු ට ක‍ඩෙයනකොට ආංඩුව මුන් ව හිරේ දානවා,ඔය ගොන් හරකව එලියට දාන්න නරකයි

6.උබලා මැරි මැරී ,,උපදින නිසා තමා මේ රට තවම 3 වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ,,අනේ පිංසිදුවෙයි තොපි මැරිලා ,,පලයව්කෝ වෙන කොහේහරි අපිවම කන්න මේකටම එන්නේ,,නැතුව

7.ප්‍රේමදාස මහත්තය හිටියනම් මූව ටයර් එකකට දාල මෙලහකටත් ගිණි තියල. කෝ මුන්ව ඉවර කරල දාන්නවත් මේ මහින්දට කොන්දක් නෑනෙ

8.කාලකන්නි තමා නිදහස් අද්‍යාපනය කන්නේ කෝ මේකත් එක්ක ඉන්න අනිකා උදුල් පේමරත්න,,හොද වෙලාවට ආර් ,ප්‍රේමදාස මහතා නැත්තේ නැත්නම් පරන ටයර් එකෙන් ගේම සෙට්

මිල මුදල් ,තනතුරු හමුවේ මිනිසුන් කොතරම් ඉක්මණට ජරාජීර්ණ වෙන්නේද යන්නට මීටත් වඩා උදාහරණ අවශ්‍යද?

 

පිං මද පුතුන්- A Tale of Two Sons September 19, 2012

Posted by පන්හිඳ in Uncategorized.
Tags: , , , , , ,
add a comment

අයුතු ජන රාශිය , පොලෝසියට පහර දීම ඇතුලු චෝදනා කිහිපයක් කරමින් අන්තර් විශ්ව විද්‍යාල  ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු සිරි ලංකා පොලෝසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ සිරි ලංකා පොලොස්සිය යනු එසේ මෙසේ පොලෝසියක් නොව , හමුදා නිලධාරියෙකුට පහර දුන්නා යැයි චෝදනා ලැබ සිටි( අතීත කාලයෙන් ලියා ඇති බව සලකන්න) ඩොක්ටර් ගැමුණු  ඇමතිගේ අතිජාත පුත්‍රයා දකින විට බිත්තර ක‍ටු අස්සේ සැඟවී අපි නම් මාලක දැක්කේ නැහැ, යනාදි වශයෙන් කියූ පොලෝසීයමය.

ඇමති පුතුන්ට එහෙමය. සංජීවලාට මෙහෙමය.

මෙහි තවත් කතාවක් තිබේ . මාස දෙකක් තිස්සේ ඇදි ඇදි යන සරසවි ආචාර්ය සටනට මුල සිට සහය දුන් අන්තරයේ කැඳවුම් කරු සංජීව බංඩාර මේ අවස්ථාවේ අත් අඩංගුවට ගැනීම යනු ආචාර්ය සංගමයට පෙන් වූ රතු එලියක් විය හැකිය. ආචාර්ය සටන මර්ධනයෙන් පරාජය කිරීමට ගත් පලමු පියවර මෙය විය හැක.

එම නිසා  මේ ඒකාධිපති  රෙජිමය හමුවේ තවමත් දණ නොනමා ගෙන යන මේ සටනට සහය දීම අප  යුගයේ සියලු  ප්‍රගතිශීලින්ගේ කාර්ය භාරය විය යුතුය.

 එය තේරුම් ගෙන අප ඒ වෙනුවෙන් කොන්දේසි  විරහිතව පෙනී සිටීමට තීරණය කර ඇත්තෙමු.

එසේම අප තේරුම් ගෙන ඇති තවත් දෙයක් නම් මේ ප්‍රශ්නය එස්. බී ඇමතිගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවන බවත්, එස්.බී ඉවත් කර වෙන කෙනෙක් එම තනතුරට පත් කිරීමෙන් අද අප රටේ නිදහස් අධ්‍යාපනය මුහුණ පා ඇති අනතුර ඉවත් නොවන බවත්ය.

එස්.බී යනු තමන්ට ලැබී ඇති නියෝග පිලිපදින මොලේ නැති සෙබලෙක්  පමණි. ප්‍රශ්නය ඇත්තේ එස්.බීගේ දඩබ්බර කම නොවන බවත් , මේ රටේ නිදහස් අධ්‍යාපනය ඈවර කිරීමට පාලකයින්ට අවශ්‍ය වීම බවත් අප නිවැ‍රැදිව තේරුම් ගත යුතුය.

සටන කල යුත්තේ එම අරමුණට එරෙහිවය.

 

පිං ඇති සරසවි වරමක් දෙන්නේ- A Word to FUTA September 17, 2012

Posted by පන්හිඳ in Uncategorized.
Tags: , , ,
add a comment

සරසවි ඇදුරු අරගලය දෙවැනි මාසයද ඉක්මවා ඇදී යමින් තිබේ. රජය තම මුලු ශක්තිය යොදමින් එම සටන කුඩු පට්ටම් කිරීමට උත්සාහ කරමින් සිටී. සියලු සරසවි වැසී  ඇති අතර සිසුන් නන්නත්තාර වී ගොසිනි.

රූපවාහිනි අයි.ටී.එන්  පමණක් නොව ස්වර්ණවාහිනි, දෙරණ වැනි නාලිකාද , සිළුමිණ,දිනමිණ හා රන්දිව පමණක් නොව මාසයකට වරක් ලැබෙන කුරහන් පිට්‍ටු කැබැල්ලක් වෙනුවෙන් ,දිවයින,ලංකාදීප හා රිවිරත්, උපතේ පටන්ම කඩේ යාම ජීවන වෘත්තිය කර ගත් මවුබිමද රජය හා එක්ව සරසවි ගුරුන්ට පහර දෙමින් සිටිත්. නො එසේ නම් රජය උපදෙස් දී ඇති පරිදි අරගලය ගැන වචනයක්වත් නොලියා සිටිති.

ඔවුන් පල කරන්නේ ආණ්ඩුවෙන් කියන දෑ පමණි.  වතාවක්ද කට නිසා මට්‍ටු වූ උසස් අධ්‍යාපනය බාර ඇමැත්තා තම චාරයක් නැති මුවෙන් කුනු හරුප දෙසා බාමින් වර්ජිත ගුරුන්ට අපහාස කරමින්ද  තර්ජනය කරමින්ද සිටින අතර මාධ්‍ය කරුවෝද එම කුණුහරුප රස කරමින් ලියති, කියවති.

ඇමත්තන් පම්ණක් නොව ඇදුරන් අතරම සිටින බත් බැලයන්ද ඇදුරු වර්ජනයට සටනට එරෙහිව අවි ඔසවා ඇත. ඔවුන්ද තම ස්වාමීන් ලියා දෙන කුනුසරුප තම ඇදුරු කමටත් නිගා දෙන ලෙස , රූපවාහිනි නාලිකා තුල වපුරති.

ඔවුන් හා නලින් සිල්වා ,අමරසේකර  ප්‍රමුඛ ජාතිවාදි  නඩය කියන පරිදි මෙම අරගලය බටහිර කුමන්ත්‍රණයකි. නලින් සිල්වා, වීරවංශ කල්ලිය හා අමරසේකර  ඇතුලු  නඩයට නම් තම ස්වාමියා කියන දෙය හැරෙන්නට අනිත් සියල්ලම බටහිර විජාතික කුමන්ත්‍රණය.

ඒ අතර රටේ ජනයාද වගේ වගක් නැතිව ධාතු වන්දනා කරමින්ද , තම දරුවන්ගේ අයිතීන් සොරාකන ආණ්ඩුවටම චන්දය දෙමින්ද සුව නින්දේය. මෙම සටන ගැන රටේ පොදු ජනයා අතර කිසිම හැඟීමක් නැත.

මෙය හුදු වෲත්තීය සටනක් නොවන බවත් ජනතාවගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන්නක් බවත් සරසවි ඇදුරන් රටේ ජනයාට කියා දිය යුතුය. . දැන් සටන ඇරඹී ඇත. එය අතරමග නැවත්විය නොහැක. අතරමැද සාමදාන නැත. මෙය ජයගත යුතුය. රටේ වෘත්තීය අරගල වලට  නව මානයක් ගෙන ආ මෙම සටන පැරදීම  යනු මෙරට නිදහස් අධ්‍යාපනයේ මලගමයි.

එය වීමට ඉඩ දිය යුතු නැත. රටේ සම්පත් සියල්ල වේගයෙන් කා දමමින් සිටින රෙජිමයට අධ්‍යාපනයටද  අත තැබීමට ඉඩ නොදිය යුතුය.

එය සරසවි ඇදුරන්ට පමණක් කිරීමට නොහැක. මේ සඳහා සියලු දෙනා එක් කරගත යුතුය.අනෙකුත්  වෘත්තීය සමීති, සිසුන් හා කඩේ යන ඇම්බැට්ටයන්ගේ විවේචන ගණනකට නොගෙන දේශපාලන පක්ෂ පවා මෙයට එක් කර ගත යුතුය. කොටින්ම මෙය බහුජන අරගලයක් කර ගත යුතුය.

 එසේ නැතිව මෙම අරගලය ජය ගැනීම ඉතා දුෂ්කර වනු ඇත.

 

 

සරසවි සටන ඉවරයි September 13, 2012

Posted by පන්හිඳ in Uncategorized.
Tags: ,
4 comments

මෙදා පොටේ නම් විශ්ව  විද්‍යාල ආචාර්ය වරු වැඩේ වරද්ද ගන තිබේ.

එස්.බී ඇමතිතුමා ස්ට්‍රයික් කර සිටින විශ්ව විද්‍යාල ඇදුරන්ට අනතුරු අඟවා  තිබේ. එතුමා කියන දවසට කලින් වර්ජනය අත හැර වැඩට ආ යුතුය.

නාවොත්?

නාවොත් ආචාර්ය මහාචාර්ය කම්  ඉවරය.

නියමිත දවසට වැඩට නො එන තක්කඩි හැමෝම රස්සා වලින් එලවනවා නියතය.

ඊට පස්සේ?

ඊට පස්සේ තමා වැඩේ තියෙන්නේ.

සෞඛ්‍ය ඇමතිලා තම තමන්ගේ ආසන වලින් ගෙනත් ලංකාවේ ඉස්පිරිතාල සනීපාරක්ෂක කම්කරුවන්ගෙන් පිරෙව්වා වගේ එස්.බී ඇමති තුමා ගේ ගෝල බාලයින්, පෝස්ටර් අලවපු එවුන්, චන්ද වලට කඩේ ගිය එවුන් , හඟුරන්කෙතින් ගෙනවිත් විශ්ව විද්‍යාල වල කථිකාචාර්ය, මහාචාර්ය ,ජ්‍යෝෂ්ඨ මහාචාර්ය තනතූරු වලට දා ගන්නට හැකිය.

තවත් මදි වුනොත් නාමල් බේබිගේ නිල් බලකායේ මල්ලිලා දාගෙන වැඩේ කර ගෙන යන්නටත් පුලුවන්ය.

ඒත් බැරිම වුනොත් අනිත් තැන් වලදී කලා වගේ හමුදාවේ කට්ටිය දාලා කරන්නටහ් ඇහැකි නොව.

 

 

ඩලස් ගේ කෙලින් කතාව September 9, 2012

Posted by පන්හිඳ in Uncategorized.
Tags: , , , ,
3 comments

ඩලස් ඇමතිතුමා කෙලින් මිනිහා බව අපි මුල ඉඳලා දැනගෙන හිටියෙමු. එතුමා කට කෑවත් කියන්ට තියෙන දේ කියන බඩුවක්ය. දකුණේ ඈයෝ එහෙමය. එක එක ප්‍රශ්න නිසා මෙච්චර කල් සද්ද වහලා හිටියත් කියන්ට ඕනේ දේ ඕනෑ තැනදී බය නැතුව කියලා දැම්මේ ඒ නිසාය.

ඇමති වුනාට පස්සේ කාලයක් තිස්සෙන්  සද්ද නැතිව හිටියත් උන්නැහේ ඇතුලේ අර ඒ කාලේ ලක්දිව පත්තරේ හිටි මාධ්‍යවේදියා තාමත් ඉන්නවා කියලා පෙන්නුවා මේ ලඟදී කියපු කතාවකින්.

කපටියා අන්තිමට හැංගෙන්නේ ආගම පිටිපස්සේ ” කියලා උන්නැහේ පහුගියදා  මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වේ මේ දවස් වල හි‍ටු කියලා  පෙන්වන කපිල වස්තු ධාතු ගැන කතාකරමින්.  .

බලන්න කොච්චර ඇත්ත කතාවක්ද කියලා.

වතුර නැතිව  රජරට ගොවියෝ නන්නත්තාර වෙලා, දවසට පැය ගනන් විදුලිය කපනවා , කෝටි දහස් ගානක් වියදම් කරපු නොරොච්චේලේ බලාගාරේ කැඩිලා, විශ්වවිද්‍යාල වහලා, ආචාර්යවරු මහ පාරේ සටන් කරනවා, උසස්පෙල ඉඳලා 5 ශිෂ්‍යත්වයට යනකම් විභාග අවුල්.

මේ මගුල් අස්සේ චන්ද දිනන්න පුලුවන්ද? බෑනේ.

ධාතුන්වහන්සේ ගෙනාවේ ඒවා පෙන්නලා චන්දේ කොරන්න කියලා විපක්ෂේ කියන කොට අපේ ඩලස් ඇමති තුමාත් ඒකම කියනවා.

එතුමා කොච්චර හොඳද නේද?