jump to navigation

පිං මද පුතුන්- A Tale of Two Sons September 19, 2012

Posted by පන්හිඳ in Uncategorized.
Tags: , , , , , ,
add a comment

අයුතු ජන රාශිය , පොලෝසියට පහර දීම ඇතුලු චෝදනා කිහිපයක් කරමින් අන්තර් විශ්ව විද්‍යාල  ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු සිරි ලංකා පොලෝසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ සිරි ලංකා පොලොස්සිය යනු එසේ මෙසේ පොලෝසියක් නොව , හමුදා නිලධාරියෙකුට පහර දුන්නා යැයි චෝදනා ලැබ සිටි( අතීත කාලයෙන් ලියා ඇති බව සලකන්න) ඩොක්ටර් ගැමුණු  ඇමතිගේ අතිජාත පුත්‍රයා දකින විට බිත්තර ක‍ටු අස්සේ සැඟවී අපි නම් මාලක දැක්කේ නැහැ, යනාදි වශයෙන් කියූ පොලෝසීයමය.

ඇමති පුතුන්ට එහෙමය. සංජීවලාට මෙහෙමය.

මෙහි තවත් කතාවක් තිබේ . මාස දෙකක් තිස්සේ ඇදි ඇදි යන සරසවි ආචාර්ය සටනට මුල සිට සහය දුන් අන්තරයේ කැඳවුම් කරු සංජීව බංඩාර මේ අවස්ථාවේ අත් අඩංගුවට ගැනීම යනු ආචාර්ය සංගමයට පෙන් වූ රතු එලියක් විය හැකිය. ආචාර්ය සටන මර්ධනයෙන් පරාජය කිරීමට ගත් පලමු පියවර මෙය විය හැක.

එම නිසා  මේ ඒකාධිපති  රෙජිමය හමුවේ තවමත් දණ නොනමා ගෙන යන මේ සටනට සහය දීම අප  යුගයේ සියලු  ප්‍රගතිශීලින්ගේ කාර්ය භාරය විය යුතුය.

 එය තේරුම් ගෙන අප ඒ වෙනුවෙන් කොන්දේසි  විරහිතව පෙනී සිටීමට තීරණය කර ඇත්තෙමු.

එසේම අප තේරුම් ගෙන ඇති තවත් දෙයක් නම් මේ ප්‍රශ්නය එස්. බී ඇමතිගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවන බවත්, එස්.බී ඉවත් කර වෙන කෙනෙක් එම තනතුරට පත් කිරීමෙන් අද අප රටේ නිදහස් අධ්‍යාපනය මුහුණ පා ඇති අනතුර ඉවත් නොවන බවත්ය.

එස්.බී යනු තමන්ට ලැබී ඇති නියෝග පිලිපදින මොලේ නැති සෙබලෙක්  පමණි. ප්‍රශ්නය ඇත්තේ එස්.බීගේ දඩබ්බර කම නොවන බවත් , මේ රටේ නිදහස් අධ්‍යාපනය ඈවර කිරීමට පාලකයින්ට අවශ්‍ය වීම බවත් අප නිවැ‍රැදිව තේරුම් ගත යුතුය.

සටන කල යුත්තේ එම අරමුණට එරෙහිවය.

 

Advertisements

පිං ඇති සරසවි වරමක් දෙන්නේ- A Word to FUTA September 17, 2012

Posted by පන්හිඳ in Uncategorized.
Tags: , , ,
add a comment

සරසවි ඇදුරු අරගලය දෙවැනි මාසයද ඉක්මවා ඇදී යමින් තිබේ. රජය තම මුලු ශක්තිය යොදමින් එම සටන කුඩු පට්ටම් කිරීමට උත්සාහ කරමින් සිටී. සියලු සරසවි වැසී  ඇති අතර සිසුන් නන්නත්තාර වී ගොසිනි.

රූපවාහිනි අයි.ටී.එන්  පමණක් නොව ස්වර්ණවාහිනි, දෙරණ වැනි නාලිකාද , සිළුමිණ,දිනමිණ හා රන්දිව පමණක් නොව මාසයකට වරක් ලැබෙන කුරහන් පිට්‍ටු කැබැල්ලක් වෙනුවෙන් ,දිවයින,ලංකාදීප හා රිවිරත්, උපතේ පටන්ම කඩේ යාම ජීවන වෘත්තිය කර ගත් මවුබිමද රජය හා එක්ව සරසවි ගුරුන්ට පහර දෙමින් සිටිත්. නො එසේ නම් රජය උපදෙස් දී ඇති පරිදි අරගලය ගැන වචනයක්වත් නොලියා සිටිති.

ඔවුන් පල කරන්නේ ආණ්ඩුවෙන් කියන දෑ පමණි.  වතාවක්ද කට නිසා මට්‍ටු වූ උසස් අධ්‍යාපනය බාර ඇමැත්තා තම චාරයක් නැති මුවෙන් කුනු හරුප දෙසා බාමින් වර්ජිත ගුරුන්ට අපහාස කරමින්ද  තර්ජනය කරමින්ද සිටින අතර මාධ්‍ය කරුවෝද එම කුණුහරුප රස කරමින් ලියති, කියවති.

ඇමත්තන් පම්ණක් නොව ඇදුරන් අතරම සිටින බත් බැලයන්ද ඇදුරු වර්ජනයට සටනට එරෙහිව අවි ඔසවා ඇත. ඔවුන්ද තම ස්වාමීන් ලියා දෙන කුනුසරුප තම ඇදුරු කමටත් නිගා දෙන ලෙස , රූපවාහිනි නාලිකා තුල වපුරති.

ඔවුන් හා නලින් සිල්වා ,අමරසේකර  ප්‍රමුඛ ජාතිවාදි  නඩය කියන පරිදි මෙම අරගලය බටහිර කුමන්ත්‍රණයකි. නලින් සිල්වා, වීරවංශ කල්ලිය හා අමරසේකර  ඇතුලු  නඩයට නම් තම ස්වාමියා කියන දෙය හැරෙන්නට අනිත් සියල්ලම බටහිර විජාතික කුමන්ත්‍රණය.

ඒ අතර රටේ ජනයාද වගේ වගක් නැතිව ධාතු වන්දනා කරමින්ද , තම දරුවන්ගේ අයිතීන් සොරාකන ආණ්ඩුවටම චන්දය දෙමින්ද සුව නින්දේය. මෙම සටන ගැන රටේ පොදු ජනයා අතර කිසිම හැඟීමක් නැත.

මෙය හුදු වෲත්තීය සටනක් නොවන බවත් ජනතාවගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන්නක් බවත් සරසවි ඇදුරන් රටේ ජනයාට කියා දිය යුතුය. . දැන් සටන ඇරඹී ඇත. එය අතරමග නැවත්විය නොහැක. අතරමැද සාමදාන නැත. මෙය ජයගත යුතුය. රටේ වෘත්තීය අරගල වලට  නව මානයක් ගෙන ආ මෙම සටන පැරදීම  යනු මෙරට නිදහස් අධ්‍යාපනයේ මලගමයි.

එය වීමට ඉඩ දිය යුතු නැත. රටේ සම්පත් සියල්ල වේගයෙන් කා දමමින් සිටින රෙජිමයට අධ්‍යාපනයටද  අත තැබීමට ඉඩ නොදිය යුතුය.

එය සරසවි ඇදුරන්ට පමණක් කිරීමට නොහැක. මේ සඳහා සියලු දෙනා එක් කරගත යුතුය.අනෙකුත්  වෘත්තීය සමීති, සිසුන් හා කඩේ යන ඇම්බැට්ටයන්ගේ විවේචන ගණනකට නොගෙන දේශපාලන පක්ෂ පවා මෙයට එක් කර ගත යුතුය. කොටින්ම මෙය බහුජන අරගලයක් කර ගත යුතුය.

 එසේ නැතිව මෙම අරගලය ජය ගැනීම ඉතා දුෂ්කර වනු ඇත.